රාජ්‍ය තාන්ත්‍රිකයින් 12 දෙනෙකු අක්තපත්‍ර භාරදෙති

රාජ්‍ය තාන්ත්‍රිකයින් 12 දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාරදෙති

by Staff writer 01-02-2019 | 5:25 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 12 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

ඒ, ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයකදීයි. ඒ අනුව ස්ලෝවැකියා, බෙලරූස්, මාලි, ආමේනියා, එල් සැල්වදෝරය, කාම්බෝජය, මාලදිවයින, ඊශ්‍රායලය හා අයිස්ලන්තය යන රටවලින් පැමිණි නව තානාපතිවරුන් අක්තපත්‍ර භාර දුන්හ. ගයනා, උගන්ඩා සහ සයිප්‍රස් යන රටවලින් පත් ව ආ මහකොමසාරිස්වරුන් ද ජනාධිපතිතුමා වෙත අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර වේ.