by Staff writer 01-02-2019 | 9:57 PM
COLOMBO (News 1st) - දෙමාපිය අවධානය ගිලිහුණු ක්ෂණයකින් ජීවිතයක් අහිමි වූ කුඩා දැරියක් පිළිබඳව කැකිරාව, මාවතවැව ප්‍රදේශයෙන් වාර්තා විය.
ඇය වයස අවුරුදු 2 හමාරක් වන නෙතුලි ගිහන්සා ය.
ඇය දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයායි.
නෙතුලි සිය මව සමග නිවසේ සිටින අතරතුර නිවස සමීපයේ පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටී තිබුනේ අද පෙරවරු 10.00 ට පමණයි.
ඇය මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දුන් බව ඇයගේ මව දැනගෙන ඇත්තේ දැරිය ළිඳට වැටී පැයකටත් වඩා වැඩි කාලයක් ගතවීමෙන් පසුව ය.
නෙතුලි දැරිය ළිඳෙන් ගොඩ ගෙන කැකිරාව ප්‍රාදේශීය රෝහල වෙත ගෙන යන විටත් ඇය මෙලොව හැරගොස් සිටියා ය.
සිගිති නෙතුලිගේ දේහය මේ වනවිට කැකිරාව ප්‍රාදේශිය රෝහලේ තැම්පත් කර ඇති අතර කැකිරාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කෙරෙණු ඇති.