සීගිරිය පොලිතින්වලින් තොර කලාපයක් වෙයි

සීගිරිය පොලිතින්වලින් තොර කලාපයක් වෙයි

by Staff writer 31-01-2019 | 10:50 AM

COLOMBO (News 1st) - ලෝක උරුම සීගිරිය හෙට සිට පොලිතින් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට නම් කිරීමට රජය තීරණය කර තිබේ.

නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව පොලිතින් සහ ප්ලාස්ටික් සීගිරියට රැගෙන යාම හෙට සිට තහනම් වන බවයි. පොලිතින් සහ ප්ලාස්ටික් ඇසුරුම් සහිත ද්‍රව්‍ය රැගෙනයාමට අවසර ලබා දෙන්නේ පිටතින් ඇති පොලිතින් ආවරණය ඉවත් කිරීමෙන් පසුව බව ද ඔහු සඳහන් කළේ ය.