නාවික හමුදා සමාජිකයින් 7 කගෙන් ප්‍රකාශ ලබාගනී

වැලි ජාවාරම්කරුවන් අතර වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් නාවික හමුදා සමාජිකයින් 7 දෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනේ

by Staff writer 31-01-2019 | 7:57 AM

COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය, කින්නියා, කන්ඩල්කාඩු පාලම අසළදී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුමක් අතරතුර ඇතිවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් නාවික හමුදා සමාජිකයින් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගත් බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් සහ පොලිස් නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීම අද සිදු කරන බවයි. වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ නොසන්සුන්තාවය පිළිබඳ ජංගම දුරකතන මගින් පටිගත කරන ලද විඩියෝ දර්ශන ඉදිරි විමර්ශන සඳහා උපයෝගී කරගන්නා බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ කණ්ඩායම් දෙකක් අනියුක්ත කර ඇති බවයි. මේ අතර ඇතිවූ නොසන්සුතාව අතරතුර විරෝධතාකරුවන් එල්ල කළ ගල් මුල් ප්‍රහාරවලින් තුවාල ලබා බරපතළ තත්ත්වයේ පසුවන නාවික හමුදා සමාජිකයෙකු කොළඹ නාවික හමුදා ජාතික රෝහලට මාරුකර එවා තිබේ.