රනිල්ට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරුවරියක් ඉවතට

රනිල්ට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරුවරියක් ඉවත් වෙයි

by Staff writer 31-01-2019 | 1:51 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු දීපානි විජේසුන්දර මහත්මිය ඉවත් ව තිබේ.

ඒ, පෞද්ගලික හේතුවක් මතයි. කොළඹ නාගරික මන්ත්‍රි ශර්මිලා ගෝනවල මහත්මිය වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම පෙත්සම ගොනු කළේ, රාජ්‍ය ආයතනවලට සේවාවන් සපයා මුදල් උපයන සීමාසහිත ලේක්හවුස් ප්‍රින්ටින් ඇන්ඩ් පබ්ලිෂස් පුද්ගලික සමාගම වික්‍රමසිංහ මහතා ප්‍රධාන කොටස්කරුවෙකු වන බැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොහැකි බව පෙන්වා දෙමිනි. එම පෙත්සම අද දීපානි විජේසුන්දර මහත්මිය හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. අද තීරණය කෙරුනේ, පෙත්සම දීපානි විජේසුන්දර මහත්මිය නොමැති වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට යළි සලකා බැලීමටයි.