අකිල, නව පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂණයට ඉන්දියාවට

අකිල ධනංජය සිය නව පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂණය සඳහා හෙට ඉන්දියාවට

by Staff writer 31-01-2019 | 10:20 PM
Colombo (News 1st) - අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ජාත්‍යන්තර තරග බිමේදී පන්දු යැවීම තහනම් කෙරුණු අකිල ධනංජය හෙට දිනයේදී සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත පරීක්ෂණය සඳහා ඉන්දියාව බලා පිටත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය. හෙට උදෑසන අකිල ධනංජය මෙම පරීක්ෂණය සඳහා ඉන්දියාව බලා පිටත් වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය. අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණය ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ශ්‍රී රාමචන්ද්‍රන් ක්‍රීඩා වෛද්‍ය හා උසස් අධ්‍යාපන විද්‍යායතනයේදී පැවැත්වීමට නියමිත ය. මෙම පරීක්ෂණය සඳහා අකිල සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු පියල් විජේතුංග මහතා ද ඉන්දියාව බලා ගමන් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. පරීක්ෂණයෙන් පසු අකිල නැවත එළැඹෙන 2 වන දා මෙරටට පැමිණීමට නියමිත ය.