JUST IN : රේගු නිලධාරීහු සේවාවලින් ඉවත් වෙති

JUST IN : රේගු නිලධාරීහු සේවාවලින් ඉවත් වෙති

by Sagarika Chathumali 30-01-2019 | 5:30 PM
COLOMBO (News 1st)  : රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට එරෙහ රේගු නිලධාරින් හදිසි වර්ජනයක් ආරම්භ කර තිබේ. මාණ්ඩලික රේගු නිලධාරි සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, කටුනායක ගුවන් තොටුපළ, ගුවන් බඩු අංශය හා අපනයන අංශයේ සේවාවන් හැර සෙසු සියලු සේවාවන්ගෙන් මේ වනවිට සේවකයන් ඉවත් වී ඇති බවයි. රේගු අධ්‍යක්ෂ ජනරාල් ඉවත් කර ඒ වෙනුවට විශ්‍රාමික රියර් අද්මිරාල් ශමාල් ප්‍රනාන්දු මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කිරීම සඳහා ඊයේ කැබිනට් අනුමැතිය හිමිව තිබේ.