ජුවාන් ගුවයිඩෝට රටින් පිටවීම තහනම්..!

වෙනිසුවෙලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝට රටින් පිටවීම තහනම් කෙරේ

by Staff writer 30-01-2019 | 7:44 AM

වෙනිසුවෙලා විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝට රටින් පිටවීම තහනම් කිරීමට එරට නීතිපතිවරයා පියවර ගෙන තිබේ.

ඒ, ජුවාන් ගුවයිඩෝගේ බැංකු ගිණුම්වලට ද මුද්‍රා තබමිනි. වෙනිසුවෙලානු ජනාධිපති නිකලස් මධූරෝ සහ ජුවාන් ගුවයිඩෝ අතර බල අරගලය උත්සන්න වන පසුබිමකදී එරට නීතිපතිවරයා මෙම පියවර ගත්තේ ය. විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ ඉකුත් බදාදා තමන් එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග අමෙරිකාව, ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව රටවල් රැසක් ඔහුට සහය පළ කිරීම වෙනිසුවෙලාවේ නව දේශපාලන අර්බුදයට හේතු විණි. කෙසේ වෙතත් චීනය සහ රුසියාව සහය පළකර ඇත්තේ වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මධූරෝටයි. මේ අතර ඉකුත් 21 වන දා සිට මේ දක්වා කාලය තුළ වෙනිසුවෙලාවේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගලයන් 40 දෙනෙකු මියගොස් තව ත් සියගණනක් අත්අඩංගුවට ගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ ය.