මාර්තු සිට පුත්තලමේ කුණු අරුවක්කාඩුවලට

මාර්තු 15 වැනි දා සිට පුත්තලමේ කුණු අරුවක්කාඩු කසළ රඳවනයට

by Staff writer 30-01-2019 | 5:57 AM

COLOMBO (News 1st) - පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතනවල කැලි කසළ මාර්තු 15 වැනි දා සිට අරුවක්කාඩු කසළ රඳවනයට බැහැර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ, කසළ රඳවනයේ පළමු අදියරේ ඉදිකිරීමේ මේ වනවිට අවසන් කර ඇති බවයි. මේ අතර කොළඹ මහ නගර සීමාවේ කැලි කසළ අරුවක්කාඩු කසළ රඳවනයට බැහැර කිරීම මේ වසර අගදී ආරම්භ කරන බව ද ඔහු පැවසුවේ ය.