මන්නාරම සමූහ මිනී වළේ කැනීම් යළි ඇරඹේ

මන්නාරම සමූහ මිනී වළේ කැනීම් යළි ඇරඹේ

by Staff writer 30-01-2019 | 10:50 AM

COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළේ කැනීම් අද යළි ආරම්භ කෙරෙනු ඇත.

කැනීම් භාර මන්නාරම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, මිනී වළෙන් ලබා ගත් සාම්පල කාල නිර්ණය සඳහා අමෙරිකාවට යැවීමේ කටයුතු හේතුවෙන් එහි කැනීම් පසුගිය 21 වැනි දා සිට තාවකාලිකව නතර කර තිබූ බවයි. මේ වනවිට සමූහ මිනී වළෙන් සොයා ගෙන ඇති මිනිස් ඇට සැකිලි සංඛ්‍යාව 300 ක්. ඉන් 27 ක් ළමයින්ගේ ඇට සැකිලි බව වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර මිනී වළෙන් ලබා ගත් අස්ථි කොටස් සාම්පලවල කාල නිර්ණ වාර්තාව අමෙරිකාවේ බීටා ඇනලයිසිස් ආයතනය ඉදිරි දෙසතිය ඇතුළත තමන් වෙත ලබා දෙනු ඇති බව වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, අදාළ සාම්පල පසුගිය 25 වැනි දා එම ආයතන වෙත ලබාදුන් බවයි.