by Staff writer 30-01-2019 | 4:05 PM
COLOMBO (News 1st) : නීතිවිරෝධීව වැලි ගොඩ දමන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව ක්‍රියාත්මක කළ වැටලීමක් අතරතුර ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේදී මහවැලි ගඟට පැනීමෙන් අතුරුදන්ව සිටි දෙවන පුද්ගලයාගේ මළ සිරුරු අද පස්වරුවේ සොයා ගැනිණ.
මහවැලි ගඟට පැනීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව සිටි, එක් පුද්ගලයෙකුගේ මළ සිරුර සොයා ගැනුණේ, ඊයේ රාත්‍රියේදීයි.
22 හැවිරිදි එම පුද්ගලයාගේ දේශය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරිණ.
ඒ, ත්‍රිකුණාමලය රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුවයි.
ඔහුගේ මරණය දියේ ගිලීමෙන් සිදුවූ බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිගමනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
ත්‍රිකුණාමලය, කින්නියා, කන්ඩල්කාඩු පාලම අසලදී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුමක් අතරතුර ඊයේ උදෑසන නොසන්සුන් තත්ත්යක් ඇති විය.
එහිදී අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව විරෝධතාකරුවන් පිරිසක් නාවික හමුදාවට ගල් මුල් ප්‍රහාර එල්ල කළ අතර ඉන් නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙක් තුවාල ලැබූහ.
මෙම සිද්ධියෙන් අනතුරුව කින්නියා ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරිණ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, මේ වනවිට ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී බවයි.
ආරක්ෂාව සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබේ.