by Staff writer 30-01-2019 | 7:12 PM
COLOMBO (News 1st) : යටිවල ගුණානන්ද විදුහලේ විදුහල්පති හිමියන්ගේ උත්සහයට බලධාරින් කන් නොදුන් නිසා පීඩා විඳින දරුවන්ට ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරන්නට දෙමාපියන් දැරූ වෙහෙසක් පිළිබඳ පුවතක් කුරුණෑගල, මාවතගමින් වාර්තා වේ.
ශ්‍රී ගුණානන්ද විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා දරුවන් 380කට ණැනස පාදන විදුපියසකි.
ගස් යට අකුරු කරන දරුවන්ට සෙවණක් ඉල්ලා දෙමාපියන්, විදුහල්පති හිමියන් කොපමණ බලධාරින්ට කන්නලව් කලත් ඒ සියල්ල වසර 05ක් පුරා ගඟට කැපූ ඉනි මෙන් විය.
අවසානයේ දෙමාපියන් දැඩි අධිෂ්ඨානයෙන් සිය දරුවන් වෙනුවෙන් පංති කාමර ගොඩනැගිල්ලක් ඉදිකිරිමට මුල පිරුවේ ය.
එහි අවසන් ප්‍රතිඵලය ලෙස මාස 2ක් තුළ ඉදිවූ පංති කාමර ගොඩනැගිල්ල අද විවෘත කෙරුනේ, 2018 ශිෂ්‍යත්වය සමත්වූ විද්‍යාලයීය දරුවන් සිව්දෙනෙකු අතිනි.