ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 30-01-2019 | 5:45 AM

දේශීය පුවත්

1. සේනා නිසා පීඩාවට පත් ගොවීන් සොයා කෘෂිකර්ම අමාත්‍යංශය සමග නිව්ස්ෆස්ට් තව ත් ක්‍රියාන්විතයක් අරඹයි: සේනා දළඹු උවදුරෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව සොයා කෘෂිකර්ම අමාත්‍යංශයේ ද සහය ඇතිව නිව්ස්ෆස්ට් තව ත් වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. 2. Grand Hyatt හෝටලය විකුණා දැමීමේ පිඹුරු පත් සැකසෙයි: රාජ්‍ය ආයතන 3ක පූර්ණ කොටස් හිමිකාරිත්වය ඇති කොළඹ ග්‍රෑන්ඩ් හයට් හෝටලය විකුණා දැමීමේ පිඹුරු පත් සැකසෙමින් තිබේ. 3. සොයා ගැනීමට නැතැයි කියන අර්ජුන මහේන්ද්‍රන් දකුණු අප්‍රිකානු මාධ්‍යයකින් මතු වෙයි: බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කර ඇති මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා දකුණු අප්‍රිකානු මාධ්‍යයකට මුදල් විශුද්ධිකරණය පිළිබඳව විග්‍රහයක් කර තිබේ. 4. ආරුක්කු නවය පාලම නැරඹීමට ගිය පිරිසකට බඹර ප්‍රහාරයක්: ඇල්ල දෙමෝදර ප්‍රදේශයේදී බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් විදේශිකයින් ඇතුලු 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් පුවත්

5. අමෙරිකාවෙන් වෙනිසුවෙලා තෙල් සමාගමට සම්බාධක පැනවෙයි: අමෙරිකාව, වෙනිසුවෙලා රජයට අයත් ඛනිජ තෙල් සමාගමට එරෙහිව සම්බාධක පනවා තිබේ.