කින්නියාවල ආරක්ෂාව තර කෙරේ...

කින්නියාවල ආරක්ෂාව තර කෙරේ...

by Staff writer 30-01-2019 | 6:37 AM

COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ ආරක්ෂාව මේ වනවිට තර කර ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ පැවති උණුසුම් තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි. කින්නියා, කන්දකාඩු පාලම අසළදී වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකින් පසු පිරිසක් ඊයේ පස්වරුවේ නාවික හමුදාවට ගල් මුල් ප්‍රහාර එල්ල කළේ ය. නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කර්මාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, පහරදීමෙන් තුවාල ලැබූ නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි. ඉන් සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. නාවික හමුදාව ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී වැලි ජාවාරම්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර දියට පැන අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර ඊයේ පස්වරුවේ සෙයා ගැණුනි. අතුරුදන්වූ අනෙක් පුද්ගලයා සෙයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.