අලුත්ගම අනතුරකින් කාන්තාවන් දෙදෙනකු මරුට

අලුත්ගම අනතුරකින් කාන්තාවන් දෙදෙනකු මරුට

by Staff writer 30-01-2019 | 3:19 PM
COLOMBO (News 1st): ගාලු පාරේ අලුත්ගම, කලුවාමෝදර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ලොරියක් රියැදුරාට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යතුරුපැදියක හා පාපැදියක ගැටී අද අලුයම අනතුර සිදුවී ඇති බවයි. මිය ගොස් ඇත්තේ 40 හැවිරිදි 60 හැවිරිදි කළුවාමෝදර සීලානන්ද පාර ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙකි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.