by Staff writer 29-01-2019 | 2:31 PM
COLOMBO (News 1st) : හැටන්, බගවන්තලාව රොබ්ගිල් වතු නිවාස පෙළක ඇතිවූ ගින්නකින් නිවාස 14 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද දහවල් හටගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බවයි.
ගින්නෙන් පවුල් 14 කට අයත් පුද්ගලයින් 42 දෙදෙනෙකු අවතැන්ව ඇතැයි අප වාර්තාකරු සදහන් කළේ ය.
ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.