උගුලක් ඇටවූ අයෙකු විදුලි සැරෙන් මරු මුවට පත්වෙයි

උගුලක් ඇටවූ අයෙකු විදුලි සැරෙන් මරු මුවට පත්වෙයි

by Staff writer 29-01-2019 | 2:36 PM
COLOMBO (News 1st) :  ඇල්පිටිය ඌරගහස්මන් හන්දිය කළුවලගොඩ පාලම අසල ප්‍රදේශයේ දී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මරු මුවට පත්ව තිබේ. පොලිසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා විසින් සතුන් දඩයම් කිරීම සඳහා උගුල් ඇටවීමට මාර්ගයේ විදුලි රැහනකින් විදුලිය ලබාගැනීමට උත්සාහ කිරීමේ දී විදුලිසැර වැදී ඇති බවයි. මියගොස් ඇත්තේ දියපිටගල්ලන ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි එක් දරු පියෙක්. මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධීය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.