ආරුක්කු නවය පාලම නැරඹීමට ගියපිරිසකට බඹර ප්‍රහාරයක්

ආරුක්කු නවය පාලම නැරඹීමට ගිය පිරිසකට බඹර ප්‍රහාරයක්

by Staff writer 29-01-2019 | 2:51 PM
COLOMBO (News 1st) : ඇල්ල දෙමෝදර ප්‍රදේශයේදී බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් විදේශිකයින් ඇතුලු 20 දෙනෙකු තුවාල ලබා තිබේ. ආරුක්කු නවය පාලම නැරඹීමට ගිය අවස්ථාවේ මොවුන් එලෙස බඹර ප්‍රහාරයකට ලක්ව ඇති බව පොලීසිය පවසයි. තුවාලකරුවන් අතරට විදේශිකයින් 10 දෙනෙකු ද ඇතුළත් වන අතර, ඔවුන් දෙමෝදර රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් බරපතල තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇත.