අනවසර ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙකු කොටුවෙයි

අනවසර ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙකු කොටුවෙයි

by Staff writer 29-01-2019 | 2:40 PM
COLOMBO (News 1st) : ඇල්පිටිය මණ්ඩකන්ද කරන්දෙණිය ප්‍රදේශයේදී  සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ පතොරම් තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරක් මත කළ වැටලීමකදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වර ගිනි අවියක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි සැකකරු සමඟ සිටි තවත් පුද්ගලයෙකු සතුව ටී 56 අවි සඳහා යොදාගන්නා පතොරම් 17 ක් ද  භාරයට ගත් බව පොලිසිය ප්‍රකාශ කළේය. සැකකරුවන් 34 සහ 32 හැවිරිදි කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.