'සේනා' උවදුරෙන් වාසි ලබා ගත්තේ කවු ද?

'සේනා' මර්දනයට දීපව්‍යාප්ත වැඩසටහනක් හෙට සිට ඇරඹේ

by Staff writer 28-01-2019 | 9:38 PM

COLOMBO (News 1st) - සේනා දළඹු උවදුර මර්දනයට ජනතාව සමග දීපව්‍යාප්ත ජාතික වැඩසටහනක් හෙට සිට ආරම්භ කිරීමට නිව්ස්ෆස්ට් හා කෘෂිකර්ම අමාත්‍යංශය එක් ව පියවර ගෙන තිබේ.

එහි පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහන අද පැවැත්වුනේ, පේරාදෙණිය ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදීයි. මෙම වැඩසටහන යටතේ සේනා දළඹු ගැටලුවට මුහුණදී සිටින ජනතාව දැනුවත් කිරීමට නියමිත වනු ඇති. එය සිදු කළ යුතු ආකාරය පිළිබඳව නිව්ස්ෆස්ට් කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙලෙස අද දැනුවත් කෙරුනේ, කෘෂිකර්ම අමාත්‍යංශයයේ නිලධාරීන් විසිනි. මොණරාගල, අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්කවල මෙම දැනුවත් කිරීමේ වැඩසටහන හෙට පෙරවරුවේ සිට ක්‍රියාත්මක වනු ඇති. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්යේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දොඹවලගම ප්‍රදේශයේ වී වගාවෙන් සේනා දළඹුවන් හමු ව තිබේ. ගොවීන් මේ වන විට අක්කර 2000 ක පමණ වී වපුරා ඇති අතර ඉන් හරි අඩකටත් වඩා මෙම දළඹු විශේෂය ආක්‍රමණය කර අවසන් වේ. අද පැවැති මාධ්‍ය හමුවකදී ද සේනා දළඹුවාගේ තර්ඡනයට ලක්වුණු බඩ ඉරිඟු වගාවන් පිළිබඳ කතා බහට ලක් විය.