by Staff writer 28-01-2019 | 7:12 PM
COLOMBO (News 1st) - මතින් නිදහස් රටක් සංකල්පය සාර්ථක කර ගැනීමට දිවි හිමියෙන් කැපවූ හා නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් අද ඇගයීමට ලක් කෙරුණි.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති උත්සවයේදී යි.
2015 ජනවාරි 01 වැනි දා සිට 2019 ජනවාරි 14 වැනි දා දක්වා කාලය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීම සඳහා සක්‍රිය ලෙස දායකවී ඇති නිලධාරීන් සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුන සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා සක්‍රියව දායක වූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 1034 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරුණි.
ඛාණ්ඩ 3 ක් යටතේ මෙම ඇගයීම් සම්මාන පිරිනැමුණු අතර ජනාධිපති පොලිස් වීරතා පදක්කම, පදක්කම්ලාභීන් 15 දෙනෙකු වෙතත්, පොලිස් දක්ෂතා පදක්කම පදක්කම්ලාභීන් 59 දෙනෙකු වෙතත් පිරිනැමීම මෙහිදී සිදු විය.