ගර්භණී ගුරුවරියන්ගේ නිර්දේශිත ඇඳුමට බාධා එපා...

ගර්භණී ගුරුවරියන්ගේ නිර්දේශිත ඇඳුමට බාධා එපා...

by Staff writer 28-01-2019 | 5:33 PM

COLOMBO (News 1st) - ගැබිණි ගුරුවරියන්ට නිර්දේශ කළ ඇඳුමට විරුද්ධ වන විදුහල්පතිවරුන් සිටීනම් ඒ පිළිබඳ සිය අමාත්‍යංශයට දැනුම් දෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දැනුම් දෙයි.

ගර්භණී ගුරුවරියන්ට වඩාත් පහසු සහ උචිත ඇඳුමක් හඳුන්වාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය වසරේදී උපදෙස් ලබා දුන්නේ ය. ඒ අනුව 2018 වසරේ මැයි මස 23 වන දිනැති 2018/21 චක‍්‍රලේඛය මගින් ඒ පිළිබඳ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවේ ය. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ඇතැම් විදුහල්පතිවරුන්, ගර්භණී ගුරුවරියන්ට එම නිර්දේශිත ඇඳුම ඇඳ පාසලට පැමිණීම තහනම් කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි. ඒ පිළිබඳ පැමිණිලි අධ්‍යාපන අමාත්‍යංශයේ ක්ෂණික ඇමතුම් අංක 1988 ඔස්සේ ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.