ගම්මිරිස් ආනයනය කිරීම නතර කෙරේ

ගම්මිරිස් ආනයනය කිරීම නතර කෙරේ

by Staff writer 28-01-2019 | 5:49 PM

COLOMBO (News 1st) - ගම්මිරිස් මෙරටට ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර තිබේ.

අමාත්‍ය පී. හැරිසන් මහතා මේ බව කියා සිටියේ, අද දඹුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි. අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට ගම්මිරිස් වගාවේ නිරත ගොවීන්ට සහනයක් ලබාදීම උදෙසා ගම්මිරිස් ආනයනය නතර කිරීමට පියවර ගත් බවයි. උඳු නිෂ්පාදනය කරන ගොවීන්ට සහනයක් වශයෙන් ආනයනික උඳු කිලෝග්‍රෑම් 1 ක් සඳහා රුපියල් 200 ක බද්දක් පැනවීමට පියවර ගත් බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.