by Sagarika Chathumali 27-01-2019 | 5:09 PM
COLOMBO (News 1st) : ත්‍රිරෝද රථ හිමියන් හා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
එම අමාත්‍යංශය සඳහන් කළේ, මේ යටතේ විදෙස්ගත ශ්‍රමිකයින්ට රුපියල් මිලියන 10 ක නිවාස ණයක් ලබාදෙන බවයි.
වසර 2 ක සහන කාලයකට යටත්ව වසර 15 කින් ගෙවිය හැකි පරිදි එම සහන ණය මුදල ප්‍රදානය කිරීමට නියමිත වේ.
මුදල් අමාත්‍යංශය පවසන්නේ, තමන්ගේම නිවසක් ඉදිකර ගැනීම බොහෝ විදෙස් ගත ශ්‍රමිකයින්ගේ සිහිනයක් වී ඇති බවයි.
නව යෝජනා ක්‍රමය යටතේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව සිටින සැලකිය යුතු විදෙස් ඉපැයුම් මෙරට බැංකුවල තැන්පත් කර ඇති ශ්‍රමිකයින්ට මේ සඳහා අයදුම්කළ හැකියි.
මේ යටතේ ණය පොළියෙන් 75% ක් රජය විසින් දරනු ඇති.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ත්‍රිරෝද රථ හිමිකරුවන් සඳහා ද මෝටර් රථ භාවිත කරමින් කුලී මෝටර් රථ සේවාවක් ආරම්භ කිරීම සඳහා රුපියල් විසි ලක්ෂයක සහන ණයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවයි.
වයස අවුරුදු 35 ට වැඩි තමන්ගෙම ත්‍රිරෝද රථයක් පදවන පුද්ගලයින්ට මෙම සහනදායි ණය සඳහා අයදුම්කළ හැකි වේ.
එම ණය යෝජනා ක්‍රම හඳුන්වාදීම සඳහා අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.