ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 27-01-2019 | 6:39 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. ආබාධිත රණවිරුවන්ට සහ මිය ගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට සහ යැපෙන්නන්ට වයස අවුරුදු 55 දක්වා ගෙවන වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ. 2. කේරළ ගංජා කිලෝග්‍රෑම් 110ක් සමග සැකකරුවන් 3 දෙනෙකු ඊයේ වැල්වැටිතුරේදී අත්අඩංගුවට ගෙන තිබේ. 3. නුවර සිට ගම්පොළ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊයේ පස්වරුවේ ගොඩපොළ ප්‍රදේශයේදී ගිනි ගෙන තිබේ. 4. මන්නාරම සමූහ මිනී වළේ කැණීම්වලදී ලබා ගත් අස්ථි කොටස් 06 අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඇති බීටා ඇනලිටික්ස් ආයතනයට පසුගිය සිකුරාදා (25) භාර දුන්නේ ය. 5. පසුගිය වසරේ නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ මන්ත්‍රීවරු 59 ක් පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතු බව ඒ සඳහා පත් කළ විමර්ශන කමිටුව කථානායකවරයාට ලබා දුන් වාර්තාවේ සඳහන් වන බව බී.බී.සි. ලෝක සේවය වාර්තා කරයි. විදෙස් පුවත් 6. අර්ධ වශයෙන් අක්‍රීයව පැවති අමෙරිකානු ආණ්ඩුව යළි සක්‍රීය කිරීම සඳහා අරමුදල් සැපයීමේ ගිවිසුමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 40 ක ජයක් හිමි කර ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.