ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වාර්තාව අනිද්දා ජනපතිට

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අනාගතය සම්බන්ධයෙන් නිර්දේශ ඇතුලත් වාර්තාව අනිද්දා ජනපතිට

by Staff writer 26-01-2019 | 1:06 PM

COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන්ගත යුතු ඉදිරි පියවර පිළිබඳව නිර්දේශ ඉදිරිත් කිරීමට පත් කළ අමාත්‍ය කමිටුවේ වාර්තාව ලබන සඳුදා ජනාධිපතිතුමාට භාරදෙන බව එම කමිටු සාමාජික අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව විමර්ශන සිදු කළ බවයි. දැනට ශ්‍රීලංකන් ගුවන් සමාගම ලබන පාඩුව අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අනාගතය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය නිර්දේශ කිහිපයක් එම කමිටු වාර්තාව මගින් ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන බව ද අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.