වත්තල ප්‍රදේශයේ කාඩ්බෝඩ් කම්හලකින් ගින්නක්

වත්තල ප්‍රදේශයේ කාඩ්බෝඩ් කම්හලකින් ගින්නක්

by Staff writer 26-01-2019 | 7:55 AM

COLOMBO (News 1st) - වත්තල, හැදල ප්‍රදේශයේ කාඩ්බෝඩ් කම්හලක ගින්නක් හටගෙන තිබේ.

කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා ඒකකය සඳහන් කළේ, අද අලුයම 2 ට පමණ ගින්න හටගෙන ඇති බවයි. ගින්න නිවා දැමීම සඳහා සේවා රථ දෙකක් යොදවා තිබේ. ගින්නට හේතුව මෙතක් වාර්තාවී නොමැත. මේ අතර මාවනැල්ල නගරයේ පිහිටි තාවකාලික වෙළෙඳසැල් කිහිපයක අද අලුයම ගින්නක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ ගිනි නිවන ඒකකයේ හා ප්‍රදේශවාසීන් සහාය ඇතිව ගින්න නිවා දැමු බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණවී නොමැත.