by Staff writer 26-01-2019 | 7:41 AM
COLOMBO (News 1st) - සේනා දළඹුවාගේ බලපෑමෙන් බඩ ඉරිඟු හෙක්ටයාර් 1000 කට ආසන්න ප්‍රමාණයක අස්වැන්නට හානිවී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හා සේනා මර්දන අංශයේ ප්‍රධානි අනුර විජේතුංග මහතා පැවසුවේ, ඇතැම් දිස්ත්‍රික්කවල වගා හානියට ජලය හිඟය ද බලපා ඇති බවයි.
සේනා දළඹු ව්‍යාප්තියෙන් අස්වනුවලට සිදුවූ හානිය පිළිබඳ සමීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.