ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අනාගතය සම්බන්ධයෙන් නිර්දේශ ඇතුලත් වාර්තාව අනිද්දා ජනපතිට

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අනාගතය සම්බන්ධයෙන් නිර්දේශ ඇතුලත් වාර්තාව අනිද්දා ජනපතිට

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අනාගතය සම්බන්ධයෙන් නිර්දේශ ඇතුලත් වාර්තාව අනිද්දා ජනපතිට

කර්තෘ Staff writer

26 Jan, 2019 | 1:06 pm

COLOMBO (News 1st) – ශ්‍රීලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන්ගත යුතු ඉදිරි පියවර පිළිබඳව නිර්දේශ ඉදිරිත් කිරීමට පත් කළ අමාත්‍ය කමිටුවේ වාර්තාව ලබන සඳුදා ජනාධිපතිතුමාට භාරදෙන බව එම කමිටු සාමාජික අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව විමර්ශන සිදු කළ බවයි.

දැනට ශ්‍රීලංකන් ගුවන් සමාගම ලබන පාඩුව අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අනාගතය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය නිර්දේශ කිහිපයක් එම කමිටු වාර්තාව මගින් ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන බව ද අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]