by Staff writer 25-01-2019 | 6:31 PM
COLOMBO (News 1st) - නීති විරෝධි ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 24 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
එහි විමර්ශන අංශයේ නියෝජ්‍ය පාලක එම්. ජි. වී කාරියවසම් මහතා සඳහන් කළේ, ඔවුන් ඉංගිරිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන්ගේ වීසා කල් ඉකුත් වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
විමර්ශන අවසන් වන තෙක් අත්අඩංගුවට ගත් එම ඉන්දීය ජාතිකයින් 24 දෙනා මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා තබනු ඇති.