ව්‍යවස්ථාව වෙනස් කිරීමට පෙර ජනතාවගේ ප්‍රශ්න විසඳන්න, අස්ගිරි මහ නාහිමිගෙන් යළි ත් ප්‍රකාශයක්!

by Staff writer 25-01-2019 | 10:00 PM

COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට වඩා රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතුව ඇතැයි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන් අද යළි ත් අවධාරණය කර ඇත.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක, අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමි,
ව්‍යවස්ථා අවශ්‍ය නෑ. බොරු කතා. ව්‍යවස්ථා මේවා කර කර ඉඳලා තේරුමක් නෑ වැඩ කරන්නයි ඕනෑ. පහුගිය කාලේ අපි යාපනයේ ගිය වෙලාවේත් ඒ මිනිස්සු කිව්වේත් ඒකයි අපිට නිදහසේ ලංකාව ඇතුලේ ජීවත් වෙන්නයි ඕනෑ. අපිට රටක් අල්ලගන්න ඕනෑ නෑ කියන කතාව කිව්වා. සාමාන්‍ය මිනිස්සු එහෙමයි ඒත් අනිත් අයගේ ඒ අසහස් නෑ
ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අද මහ නාහිමියන් බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ අදහස් පළ කළේ ය. පිරිස අනතුරුව සියම් මනා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනාහිමියන් ද බැහැදුටුවේ ය. සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමි,
ඛාණ්ඩ දෙකකට බෙදිලා කට්ටියක් කියනවා නෑ ව්‍යවස්ථාවක් ගේන්නේ නෑ. තව කට්ටියක් කියනවා ගේනවා ව්‍යවස්ථාවක්. ඒකේ තියෙන්නේ මෙව්වා කියලා. තාම හරියට එළියට දාලා නෑ. ඒත් සමහර පොත්වල නම් තියෙනවා. මේක තවම හරියට කියන්න බෑ. ඔය කට්ටිය කොහොම හරි නැටුම් නටන්නා ගේ ඇතුලේ ඇඳලා එයා එන්න එපැයි එළියට නටන්න. මේ දේ ගැනත් අපි කල්පනා වෙන්න ඕනෑ. ඉක්මන් වෙන්නත් හොඳයි ඉක්මන් නොවිත් බෑ. අපිට බයක් සැකක් තියෙනවා මොකද ඒවා හදන අය පක්ෂග්‍රාහිවයි හදන්නේ