වතු කම්කරු දෛනික මූලික වැටුප රු. 700 දක්වා ඉහළට

වතු කම්කරු දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා ඉහළට

by Staff writer 25-01-2019 | 6:17 PM

COLOMBO (News 1st) - වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 700 ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.

ඒ, වතු හාම්පුතුන්ගේ සංගමය, වතු කම්කරු වෘත්තීය සමිති, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ කම්කරු අමාත්‍යවරයා අතර අද පැවති සාකච්ඡාවකදීයි. ලබන 28 වැනි දා ඊට අදාළ ගිවිසුමට අත්සන් තබන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කළේ ය. නව ගිවිසුම අත්සන් කිරීමත් සමග වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 855 ක් දක්වා ඉහළ යනු ඇති. මීට අමතරව දිනකට නෙළන තේ දළු කිලෝග්‍රෑම් 18 ට අමතර සෑම කිලෝග්‍රෑමයක් සඳහාම රුපියල් 40 බැගින් ගෙවීමටත් නව ගිවිසුම යටතේ ප්‍රතිපාදන සැකසෙන බව නවීන් දිසානායක මහතා සඳහන් කළේ ය.