ලාහුගල ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්

by Staff writer 25-01-2019 | 5:04 PM

COLOMBO (News 1st) - ලාහුගල ප්‍රාදේශීය සභාව අද රැස් වූ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

ලාහුගල ප්‍රාදේශීය සභාවේ බලය හිමිකරගෙන සිටින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. එහි රැස්වීම අද පැවැත්වූයේ, සභාපති එස්.ඒ. ස්ටැන්ලි මහතාගේ ප්‍රධානත්වයෙනි. හුලංනුගේ ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ගයක විදුලි බුබුළු සවිකිරීමේදී අක්‍රමිකතාවක් සිදු ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී ඩබ්ලිව්. එම්. එච් මහින්ද මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ටී. ඒ. සූරසිංහ මහතා ඊට දුන් පිළිතුරත් සමග සභාවේ ඇති වූයේ උණුසුම් තත්ත්වයකි. අප වාර්තාකරු පැවසුවේ, ටී. ඒ. සූරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාට අපහස වන ආකාරයට කතා කිරීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වූ බවයි. පසුව නැවතත් සභාවේ කටයුතු ආරම්භ කෙරුණි.