මාලි රාජ්‍යයේදී හමුදා සාමාජිකයින් දෙදෙනෙක් මරුට

මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නියුතු හමුදා සාමාජිකයින් දෙදෙනෙක් මරුට

by Staff writer 25-01-2019 | 5:21 PM

COLOMBO (News 1st) - මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පිපිරීමකින් මියගොස් තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ, ඉන් තව ත් හමුදා සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි. අදාළ හමුදා සාමාජිකයින් පිරිස ගමන් ගත් WMZ වර්ගයේ සන්නද්ධ රථය, මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක් ව තිබුණි. මියගිය දෙදෙනා අතර හමුදා කපිතාන්වරයෙකු ද වේ. ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ WMZ සංග්‍රාමික රථයට සහ ඊට පිටුපසින් පැමිණි අනෙකුත් සංග්‍රාමික රථයකට ද හානි සිදු විය.