ලිංගික උත්තේජන ඖෂධ තොගයක් රේගු භාරයට

ලිංගික උත්තේජන ඖෂධ තොගයක් ගුවන්තොටුපොළේදී රේගු භාරයට

by Staff writer 24-01-2019 | 11:52 AM

COLOMBO (News 1st) - ලිංගික උත්තේජන ඖෂධ තොගයක් ඇතුළු තව ත් සිරුරු ආලේපන තොගයක් නීති විරෝධි ලෙස මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.

ඔහු ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. එම ඖෂධවල වටිනාකම රුපියල් ලක්ෂ 05 ක පමණ වනු ඇත. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, එම ලිංගික උත්තේජන සහ රාත්‍රී ආලේපන තොගය රාජසන්තක කර ව්‍යාපාරිකයාට රුපියල් 10,000 ක දඩයක් නියම කළ බවයි.