මහ කන්නයේ වී මිලදී ගැනීමට රු. මි 6100 ක් වෙන් කෙරේ

මහ කන්නයේ වී මිලදී ගැනීමට රු. මිලියන 6100 ක මුදලක් වෙන් කෙරේ

by Staff writer 24-01-2019 | 11:07 AM

COLOMBO (News 1st) - මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රු. මිලියන 6100 ක මුදලක් වෙන් කිරීමට රජය තීරණ කර තිබේ.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, මේ යටතේ එක් ගොවියෙකුගෙන් වී කිලෝග්‍රෑම් 2000 ක් පමණ මිලදී ගැනීමට‍ රජය අපේක්ෂා කරන බවයි. රජය විසින් ගොවීන්ගෙන් නාඩු වී කිලෝග්‍රෑම් එකක් රු. 38 කට ද සම්බා වී කිලෝග්‍රෑම් එකක් රු. 41 කට ද මිලදී ගැනීමට තීරණය කර ඇතැයි සඳහන් වේ. කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා සඳහන් කළේ, ගොවීන්ගේ පහසුව උදෙසා ඉදිරියේදී ගොවිජන මධ්‍යස්ථාන හරහා වී වේලීම සඳහා විදුලියෙන් ක්‍රියාත්මක වී වේලන යන්ත්‍ර ස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බවයි.