ලී මඩුවකින් පිළිස්සුණු මළ සිරුරක් හමුවෙයි

පිළිස්සුණු මළ සිරුරක් මොරටුවේ ලී මඩුවකින් හමුවෙයි

by Staff writer 24-01-2019 | 10:20 AM

COLOMBO (News 1st) - මොරටුව, එගොඩඋයන රංවැලි මාවත ප්‍රදේශයේ ලී මඩුවක තිබී පිළිස්සුණු මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අද අලුයම පොලීසියට ලද තොරතුරකට අනුව මළ සිරුර සොයා ගත් බවයි. අවුරුදු 30 - 35 ත් අතර වයසේ පසුවන බවට සැකකෙරෙන මියගිය පුද්ගලයා කළු පැහැයට හුරු කලිසමක් ඇඳ සිටි බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර ගෙන නොමැත.