ජනපති මෛත්‍රී සිංගප්පුරු ජනපතිනිය හමුවෙයි

ජනපති මෛත්‍රී සිංගප්පුරු ජනපතිනිය හමුවෙයි

by Staff writer 24-01-2019 | 4:46 PM
COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ සිංගප්පුරුවේ ඉස්තානා මන්දිරයේදී එරට ජනාධිපතිනි හලීමා යේකුබ් මහත්මිය හමුවිය. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමක් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී නායකයින්ගේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් මේ වනවිට ඉදිරියට තබා ඇති වැදගත් පියවර පිළිබව ද හලීමා යේකුබ් මහත්මිය ජනාධිපතිවරයා වෙත ප්‍රසංශාව පළ කර ඇත. එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා සිංගප්පුරුව බලා පිටත්ව ගියේ ය.