ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 24-01-2019 | 5:57 AM

දේශීය පුවත්

1. ආපදාවකදී ජනතාව මුදා ගන්නේ කෙසේ ද?: පුත්තලම එළුවන්කුලමේදී පැවති අපදාවකදී මහජනතාව මුදා ගැනීම පිළිබඳ මෙරට නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන අවසන් විය. 2. තරුණයින් දෙදෙනෙක් මහවැලි ගඟේ ගිලී මරුට: ගම්පොළදී, මහවැලි ගඟේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලි මිය ගොස් තිබේ. 3. මන්ත්‍රී නාමල් CIDය හමුවට: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. 4. කොල්ලුපිටියේ හෙරොයින් ජාවාරම මෙහෙයවූ සැකකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර: රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත් හොරායින් සමග කොල්ලුපිටිය්දී අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා ලබන 29 වන දා තෙක් රඳවා ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දුන්නේ ය. විදෙස් පුවත් 5. ලිංග විපර්යාසයට ලක් වූ අමෙරිකානු හමුදා නිලධාරීන්ට සේවය අහිමි වන ලකුණු: ලිංග විපර්යාසයට ලක් වූ ඇතැම් නිලධාරීන්ට හමුදාව තහනම් කිරීමේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය බලාත්මක කිරීමට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ.