by Staff writer 24-01-2019 | 6:45 PM
COLOMBO (News 1st) : ඓතිහාසික කිරලාගල දාගැබ මත සිට ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හැරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ සැකකරුවන් කැබිතිගොල්ලෑව දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් හර්ෂණ අල්විස් මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
සැකකරුවන් 7 දෙනා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.
ඔවුන් අවසන් වසරේ විභාගයකට පෙනී සිටීමට නියමිත නිසා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස නීතිඥයින් කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා තරයේම ප්‍රතික්ෂේප කළේ ය.
මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ සැකකරුවන් විභාගයට පෙනී සිටින්නේ නම් ඔවුන් බන්ධනාගාර බස් රථයකින් අදාළ විභාග මධ්‍යස්ථානයට සහභාගී කරවන ලෙසයි.
ඵෙතිහාසික කිරලාගල දාගැබ පිහිටා ඇත්තේ මැදවච්චිය, හොරොව්පතාන ප්‍රදේශයේයි.