by Sagarika Chathumali 24-01-2019 | 3:12 PM
COLOMBO (News 1st) : මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 05 ක් යළි එරටට භාර දී තිබේ.
මෙම ට්‍රෝලර් යාත්‍රා කරෛයිනගර ප්‍රදේශයේ නැංගුරම් ලා තිබු අතර, එම ධීවර යාත්‍රා අලුත්වැඩියා කිරීම සඳහා ඉන්දියාවට අයත් ඉංජිනේරුවන් පිරිසක් පසුගියදා මෙරටට පැමිණි බව ද නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.
ට්‍රෝලර් ධීවර යාත්‍රා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් මගින් කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායට භාරදුන් බව ද නාවික හමුදාව සඳහන් කළේ ය