අමාත්‍යංශ උපදේශක කාරක සභා 31 ක් සඳහා අද පාර්ලිමේන්තුවේ අනුමැතිය

by Staff writer 24-01-2019 | 12:11 PM

COLOMBO (News 1st) - මුදල් උපදේශක කාරක සභාව ඇතුළු උපදේශක කාරක සභා 31 කට අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.

ඒ සම්බන්ධයෙන් වූ යෝජනාව ඉදිරිපත් කළේ, සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි. පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 ට රැස්වූයේ නියෝජ්‍ය කථානයක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ය. එහිදී අදහස් දක්වමින් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඉල්ලා සිටියේ, කෝප් කමිටු රැස්වීම් මාධ්‍යයට විවෘත කරන ලෙසයි.