by Staff writer 23-01-2019 | 12:40 PM
COLOMBO (News 1st) - සේනා දළඹුවා මර්දනය සඳහා බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පර්යේෂණයක් කර තිබේ.
ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පැවැත්විණි.
සේනා දළඹුවා බඩ ඉරුඟු හා එළවළු වගාවන්ට පමණක් නොව මෙරට ප්‍රධාන කෘෂි භෝගය වන වී වගාවට ද හානි කරන බව කීට විද්‍යාඥයෝ සොයා ගත්හ.
ඒ, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙනි.
කීට විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, මෙම දළඹුවා බඩ ඉරිඟු වගාව තුළ එක් ආකාරයකටත් වී වගාව තුළ තවත් ආකාරයකටත් ක්‍රියාත්මක වන බව ය.
ඒ අනුව වී වගාව තුළ මෙම දළඹුවා මර්දනය කිරීම පිළිබඳව බලතගොඩ වී පර්යේෂණ ආයතනය කළ පරීක්ෂණ සාර්ථක වී තිබේ.