by Staff writer 23-01-2019 | 3:51 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.
එම දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අද කැඳවා ඇති බවයි.
ඒ අනුව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම මේ වන විට ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ය.
අද පස්වරු 2.10 ට පමණ නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි බව අප වාර්තාකරු පැවසී ය.