by Staff writer 23-01-2019 | 4:30 PM
COLOMBO (News 1st) : ගම්පොළදී, මහවැලි ගඟේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලි මිය ගොස් තිබේ.
මිය ගොස් ඇත්තේ ,අවුරුදු 16 සහ 20 ක් පමණ වයසැති ගම්පොල ඇත්ගාල පදිංචි තරුණයින් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කළේ ය.
අද පස්වරුවේ තවත් පිරිසක් සමග ඔවුන් දිය නෑමට පැමිණ ඇති අතර එහිදි මෙම අනතුරට ලක්ව තිබේ.
තරුණයින් දෙදෙනාගේ මෘත ශරීර ගම්පොල මූලික රෝහලේ තැන්පත් කර ඇතැයි පොලීසිය පැවසී ය.