ගිනිඅවි බලපත්‍ර පරීක්ෂා කිරීම අද හා හෙට

ගිනිඅවි සඳහා නිකුත් කළ බලපත්‍ර පරීක්ෂා කිරීම අද හා හෙට

by Staff writer 23-01-2019 | 10:00 AM
COLOMBO (News 1st) - පිස්තෝල හා රිවෝල්වර සඳහා නිකුත් කළ බලපත්‍ර පරීක්ෂා කිරීම අද හා හෙට ආරක්ෂක අමාත්‍යංශයේදී සිදු කෙරේ. ඒ, පිස්තෝල හා රිවෝල්වර සඳහා නිකුත් කර ඇති ගිනිඅවි බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරීමට ආරක්ෂක අමාත්‍යංශය ගත් තීරණයෙන් පසුව ය. අනන්‍යතාව තහවුරු වූ පසු වසරක් සඳහා නැවත ගිනිඅවි බලපත්‍රය දීර්ඝ කිරීම සිදු කරන බව හමුදා ප්‍රකාශක සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ය. බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, බලපත්‍ර නොමැති ගිනිඅවි ළඟම ඇති පොලීසියට භාර දිය හැකි බව ය.