ලිංග විපර්යාසයට ලක් වූ අමෙරිකානු හමුදා නිලධාරීන්ට සේවය අහිමි වන ලකුණු

ලිංග විපර්යාසයට ලක් වූ අමෙරිකානු හමුදා නිලධාරීන්ට සේවය අහිමි වන ලකුණු

ලිංග විපර්යාසයට ලක් වූ අමෙරිකානු හමුදා නිලධාරීන්ට සේවය අහිමි වන ලකුණු

කර්තෘ Staff writer

23 Jan, 2019 | 9:29 am

(News 1st) – ලිංග විපර්යාසයට ලක් වූ ඇතැම් නිලධාරීන්ට හමුදාව තහනම් කිරීමේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය බලාත්මක කිරීමට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ලිබරල් විනිසුරුවරුන් සිව් දෙනා ඊට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමත් සමග අදාළ නීතිය බලාත්මක කෙරුණේ ජන්ද 5ට 4ක් ලෙස ය.

මෙම නව නීතියට අනුව ලිංග විපර්යාසයට ලක් වූවන් හෝ ලිංගිකත්වය වෙනස් කර ගැනීමේ සැත්කමකට භාජනය වූ පුද්ගලයින්ට හමුදාවේ සේවය කිරීමේ අවස්ථාව ගිලිහෙනු ඇති.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුව අදාළ නීතිය බලාත්මක කිරීමට අමෙරිකානු හමුදාවට විකල්පයක් සපයනු ඇති .

ලිංග විපර්යාසයට ලක් වූවන් හමුදාවේ සේවය කිරීම වියදම් අධික ක්‍රියාවක් බැවින් ඊට ඉඩ නොදෙන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ 2017 වසරේදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]