"පොලීසිය උගතුන්ගෙන් සේවයක් කරනවා" - ජනපති

"පොලීසිය උගතුන්ගෙන් සේවයක් කරනවා" - ජනපති

by Sagarika Chathumali 22-01-2019 | 6:38 AM
COLOMBO (News 1st) : පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයින්ගේ සේවාවක් බවට පත්කිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පැවසුවේ ජාතික පොලිස් ඇකඩමිය උපාධි මට්ටමට ගෙන ආ යුතු අතර ඊට යම් බාධාවක් තිබේ නම්, ඒ සියලු බාධා ඉවත් කිරීමට කටයුතු කරන බවයි. ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ පස්වරුවේ පැවැති ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. - ප්‍රඥාව තුළින් වෘත්තිකත්වය - යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රථම ඩිප්ලෝමා ප්‍රදානය ලෙස මෙය පැවැත්විණ. එහිදී පාඨමාලාව සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයන් 264 දෙනෙකුට ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ප්‍රධානය කෙරිණ. පොලිස්පති ,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හා මහාචාර්යවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.