by Staff writer 22-01-2019 | 8:30 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු සභාවේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටුවේ වාර්තාව අද කථානායක කරු ජයසූරිය මහතාට භාර දුන්නේ ය.
කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ, විමර්ශන වාර්තාව කථානායකවරයා විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ඇති බව ය.
විමර්ශන වාර්තාවෙන් චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරුන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීම එහි අරමුණ වී තිබේ.
අදාළ වාර්තාව මගින් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට ද චෝදනා එල්ල වී ඇති බව සඳහන් ය.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පසුගිය නොවැම්බර් මස 15,16 සහ 17 යන දිනවල ඇති වූ කළහකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ අරමුණින් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කිරීමට කථානායකවරයා පසුගියදා පියවර ගත්තේ ය.
පසුගිය වසරේ නොවැම්බර් 14 වන දා මේ ගැටුම්කාරී තත්ත්වය ආරම්භ වූයේ, දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවත් සමග ය.
ගැටුම්වලට මුල් වූ මේ සිදුවීම් පිළිබඳව අද කථානායකවරයාට භාර දුන් විමර්ශන වාර්තාවේ කරුණු ඇතුළත් වී තිබේ ද?
කථානායකවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව එල්ල වන විවේචන සම්බන්ධයෙන් ද කමිටු වාර්තාවේ කරුණු ඇතුළත්ව ඇත්දැයි ජනතාව විමසිල්ලෙන්.
කෙසේ වෙතත් බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට යවා තොරතුරු ප්‍රසිද්ධ වීමට බාධා ඇති කළ අයුරින් මේ වාර්තාව ද යටපත් වීමට ඉඩ හරියි දැයි ජනතාව තුළ ඇත්තේ සැකයකි.
ජනතා ඡන්දයෙන් තේරී පත්වී ජනතා මුදලින් නඩත්තු වන මැති ඇමතිවරුන්ගේ විනය විරෝධී ක්‍රියා ගැන මැති ඇමතිවරුන්ම ක්‍රියාමාර්ග ගනියි ද?