ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 22-01-2019 | 8:38 AM

දේශීය පුවත්…

1. ගිනිඅවි බලපත්‍ර තාවකාලිකව අහෝසි කෙරේ : ගිනිඅවි බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ, නැවත බලපත්‍ර ලබා ගැනීම සඳහා සියලුම ගිනිඅවි ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතු බවයි. 2. හමුදා ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් හමුදා සමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට : මුලතිව්, නැදුන්කනී ප්‍රදේශයේ අද පස්වරු 1.30 ට පමණ සිදුවූ ජීප් රථ අනතුරකින් හමුදා සමාජිකයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. 3. මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන දැනුම් දීමට අංකයක් : මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා 1984 ක්ෂණික දුරකතන අංකය ඊයේ සිට ක්‍රියාත්මකවේ. 4. කුඩාවැල්ලේ වෙඩි තැබීම: තවත් සැකකරුවෙක් දැලේ : පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවූ තංගල්ල කුඩාවැල්ල ධීවර වරාය තුළ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශීය පුවත්…

1. සිරියාවේ ඉරාන ඉලක්ක වෙත ඊශ්‍රායාල ගුවන් ප්‍රහාර : සිරියාවේ ඉරාන ඉලක්ක වෙත රැය පුරා ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායාල හමුදාව ප්‍රකාශ කළේ ය.

ක්‍රීඩා පුවත්…

1. හතුරුසිංහ වැටුපට කරන සේවය සාධාරණ ද? : හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුට අතිවිශාල වැටුප් සහ දීමනා ලබාදීමට ඇතිකරගත් එකඟතා දැන් අනාවරණය වෙමින් පවති.